Tuesday, October 8, 2013

පලවෙනි එක

විසල් නැව් සොයා ගිය දඟකාර හුලඟකටආදරේ පුදන්නට සිත් වුණා කරුමෙකටගතවුණා මොහොතක්සිදු වුණා වෙනසක්!වියරු වැටුණා සුළඟ චන්ඩ මාරුතයක්වහද රුවල ඉරී විසිරී ගියා කම්පිතව....වල්මත්ව පා වුනෙමිදුක් කඳුළු සයුරේඅඳුරු සෙවනැලි මතින්හැඟුම් සුන් වූ සිතින්හසුව දිය වැල් වලටඇඳුනි තව දියඹටමසුළඟ අතහැර දැමූ...බිඳුණු නෞකාවක්...

බෙලිමල්

දවසක් අපි ට්‍රිප් එකක් යන ගමන් බෙලිමල් බොන්න කියල අපි ගිය වෑන් එක පොඩි බෙලිමල් කඩයක් ගාව නතර කළා. ආතල් එකේ බෙලිමල් වීදුරුවක් බොන ගමන් කඩේ හිටපු පොඩි එකාගෙන් මං ඇහුවා “මල්ලි කොහොමද බිස්නස් එහෙම” කියල. සාමාන්‍යයෙන් උගේ වයස 20ක් 21ක් විතර ඇති. උගෙ රැවුලවත් වැවිලා තිබුණේ නෑ. එකෙම්ම පොඩි එකෙක්. පොර කට කොනකින් හිනාවෙලා කිව්වා “වැඩක් නෑ අයියෙ, කරනවට කරනවා, මෙලෝ රහක් නෑ” කියලා. මටත් කට කොනකින් හිනා ගියා. මොකද ඒ කතාව කොහොම වුණත් උගේ බෙලිමල්...