Tuesday, October 8, 2013

පලවෙනි එක

විසල් නැව් සොයා ගිය දඟකාර හුලඟකට
ආදරේ පුදන්නට සිත් වුණා කරුමෙකට

ගතවුණා මොහොතක්
සිදු වුණා වෙනසක්!

වියරු වැටුණා සුළඟ චන්ඩ මාරුතයක්ව
හද රුවල ඉරී විසිරී ගියා කම්පිතව....

වල්මත්ව පා වුනෙමි
දුක් කඳුළු සයුරේ
අඳුරු සෙවනැලි මතින්
හැඟුම් සුන් වූ සිතින්

හසුව දිය වැල් වලට
ඇඳුනි තව දියඹටම
සුළඟ අතහැර දැමූ...

බිඳුණු නෞකාවක්ව.

බෙලිමල්

දවසක් අපි ට්‍රිප් එකක් යන ගමන් බෙලිමල් බොන්න කියල අපි ගිය වෑන් එක පොඩි බෙලිමල් කඩයක් ගාව නතර කළා. ආතල් එකේ බෙලිමල් වීදුරුවක් බොන ගමන් කඩේ හිටපු පොඩි එකාගෙන් මං ඇහුවා “මල්ලි කොහොමද බිස්නස් එහෙම” කියල. සාමාන්‍යයෙන් උගේ වයස 20ක් 21ක් විතර ඇති. උගෙ රැවුලවත් වැවිලා තිබුණේ නෑ. එකෙම්ම පොඩි එකෙක්. පොර කට කොනකින් හිනාවෙලා කිව්වා “වැඩක් නෑ අයියෙ, කරනවට කරනවා, මෙලෝ රහක් නෑ” කියලා. මටත් කට කොනකින් හිනා ගියා. මොකද ඒ කතාව කොහොම වුණත් උගේ බෙලිමල් එකනං එහෙම තමයි. කොහොමහරි අපි අපේ බෙලිමල් වීදුරු ටික හිස් කරනකං මිනිහා හෝ ගාලා කියෙව්වා. ඒ කියවපු එව්වා අතරෙ මතක හිටින කතාවකුත් තිබ්බා.

” හරි යන්නෑ අයියෙ, මේ සිස්ටම් එක වෙනස් වෙන්නම ඕනෙ.”

මං ඒක ගෙදර ඇවිල්ලත් කල්පනා කළා. ඒ කතාවටනම් මාත් එක පයින්. ඒත් ඇයි ඒක වෙනස් වෙන්නැත්තේ! හැමෝටම ඕනේ වෙනසක්නං….. O.o

බලමුකෝ…. අපිත් මේකෙනේ ඉන්නේ.