දවසක්
අපි ට්‍රිප් එකක් යන ගමන් බෙලිමල් බොන්න කියල අපි ගිය වෑන් එක පොඩි
බෙලිමල් කඩයක් ගාව නතර කළා. ආතල් එකේ බෙලිමල් වීදුරුවක් බොන ගමන් කඩේ
හිටපු පොඩි එකාගෙන් මං ඇහුවා “මල්ලි කොහොමද බිස්නස් එහෙම” කියල.
සාමාන්‍යයෙන් උගේ වයස 20ක් 21ක් විතර ඇති. උගෙ රැවුලවත් වැවිලා තිබුණේ නෑ.
එකෙම්ම පොඩි එකෙක්. පොර කට කොනකින් හිනාවෙලා කිව්වා “වැඩක් නෑ අයියෙ,
කරනවට කරනවා, මෙලෝ රහක් නෑ” කියලා. මටත්
කට කොනකින් හිනා ගියා. මොකද ඒ කතාව කොහොම වුණත් උගේ බෙලිමල් එකනං එහෙම
තමයි. කොහොමහරි අපි අපේ බෙලිමල් වීදුරු ටික හිස් කරනකං මිනිහා හෝ ගාලා
කියෙව්වා. ඒ කියවපු එව්වා අතරෙ මතක හිටින කතාවකුත් තිබ්බා.
” හරි යන්නෑ අයියෙ, මේ සිස්ටම් එක වෙනස් වෙන්නම ඕනෙ.”
මං ඒක ගෙදර ඇවිල්ලත් කල්පනා කළා. ඒ කතාවටනම් මාත් එක පයින්. ඒත් ඇයි ඒක වෙනස් වෙන්නැත්තේ! හැමෝටම ඕනේ වෙනසක්නං….. O.o
බලමුකෝ…. අපිත් මේකෙනේ ඉන්නේ.